නිදන්  හාරන්න ගිය භික්ෂූන් වහන්සේලා දෙනමක් අත්අඩංගුවට

 ඊයේ (10) පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ ගන්නෝරුව ගල්ලෙන් විහාරයේ වැඩ විසූ වයස අවුරුදු 30 ක් සහ 58 ක් වන භික්ෂූන් වහන්සේලා දෙනමක් පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.කැණීම් සදහා යොදා ගත් උපකරණද පොලිස් භාරයට ගත් බව කියයි.

අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා අද (11) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කියයි.

Exit mobile version