හැත්තෑ පස්වන නිදහස් උත්සවයට රුපියල් ලක්ෂ 3,700කට වැඩි මුදලක් වැය කර ඇතැයි “අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි බලය” සංවිධානය පවසන බව ඉරිදා මව්බිම පෙන්වා දෙයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලබාදුන් සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී මේ බව පැහැදිලි වන්නේ යැයි එහි සභාපති ජාමුණි කමන්ත තුෂාර පවසා තිබේ.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකට අනුව රුපියල් මිලියන 162.8ක් වැය වන බවට පසුගිය දා (පෙබ. 2) දැනුම් දුන් බව පැවැසූ හෙතෙම නිදහස් උත්සවය පැවැත්වෙන ආකාරය අනුව එහි සත්‍ය වියදම මීට වඩා වැඩිවන බව සඳහන් කර තිබේ.
නිදහස් උත්සවයේ වියදම් සම්බන්ධව විස්තර ඉල්ලා සිටි අවස්ථාවේදී තොරතුරු සැඟවීමට නිලධාරීන් උත්සාහ කළ බව ත්, ඒ අනුව මෙම වියදම් තුළ සැඟවුණු දූෂිත ගනුදෙනු තිබිය හැකි බව ත් ඔහු පවසා තිබේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වියදම් තොරතුරු ලබා නොදී තමන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රස්තියාදු කළ බව ත්, ඇතැම් නිලධාරීන්ගේ තර්ජනයන්ට ලක්වීමට පවා සිදුවූ බව ත් ජාමුණි කමන්ත තුෂාර පවසා තිබේ.
ඒ අනුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය රුපියල් මිලියන 40ක් ද, අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 5.8ක් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් මිලියන 55ක් ද, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තෙම්න්තුව රුපියල් මිලියන 39ක් ද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් මිලියන 2ක් ද, ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 21ක් ද වශයෙන් රුපියල් මිලියන 162.8ක වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ 2023.01.02 දිනට දරා ඇති රුපියල් 2,95,88,664ක දළ වියදම් ලැයිස්තුවක් ද එම අමාත්‍යාංශය සිවිල් සංවිධානවලට ලබා දී තිබේ.
ඒ අනුව ජංගම වැසිකිළි සඳහා රුපියල් 14,258,850ක් ද, ආරාධිතයන් සඳහා පුටු මිල දී ගැනීමට රුපියල් 955,650ක් ද, රූපවාහිනි යන්ත්‍ර, විදුලි පංකා, කාර්මික පංකා ඇතුළු සිසිලන යන්ත්‍ර සැපයීමට රුපියල් 519,225ක් ද, විද්‍යුත් තිර සැපයීමට රුපියල් 2,793,750ක් ද, අකුණු සන්නායක පද්ධතිය සවි කිරීමට රුපියල් 345,000ක් ද, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙතින් අකුණු සන්නායක පද්ධතිය සවිකිරීමට අදාළව උපදේශනය සඳහා රුපියල් 20,000ක් ද, ශබ්ද විකාශන පද්ධතිය සැපයීමට රුපියල් 3,207,800ක් ද ඇස්තමේන්තු කර ඇත.
එසේම පුෂ්පෝපහාර දැක්වීම වෙනුවෙන් මල් බඳුන් ලබා ගැනීමට රුපියල් 40,000ක් ද, කොඩි මිලදී ගැනීමට රුපියල් 13,80,000ක් ද, නවාතැන් ඇතුළු සංග්‍රහ වියදම් සඳහා රුපියල් 6,90,900ක් ද, තානාපතිවරුන් ඇතුළු විදේශීය අමුත්තන් වෙනුවෙන් භාෂා පරිවර්තනය වෙනුවෙන් භාෂා පරිවර්තන උපකරණ සැපයීමට රුපියල් 5,75,000ක් ද, ලිපි ද්‍රව්‍ය ඇතුළු කාර්යාලයීය උපකරණ සඳහා රුපියල් 600,000ක් ද වෙන් කර තිබේ.
මීට අමතරව සියලු ම ආරාධිතයන්ට අදාළ සංවිධාන කටයුතු ඇතුළු සහාය කාර්ය මණ්ඩලය සඳහා සංග්‍රහ වියදම් රුපියල් 1,849,250ක් ද, නිදහස් දින සමරු පෙළපාලියට අදාළව යුද්ධ හමුදාව ඉටුකරනු ලබන විවිධ කාර්යයන් සඳහා රුපියල් 503,239ක් ද ඇස්තමේන්තු කර ඇත.
75 වන නිදහස් දින සැමරුම් සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් නිදහස් චතුරශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවා ආයතන අරමුදල, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා රුපියල් 330,000ක් ද, නිදහස් මන්දිර පරිශ්‍රයේ සංරක්ෂණය කළ යුතු අනුරූ ඇතුළු අනෙකුත් පිළිසකර කිරීම් සඳහා රුපියල් 420,000ක් දඩ, නිදහස් දින සමරු උළෙලේ රාජකාරි කටයුතු පැවැත්වෙන සියලු කාලසීමාවලට අදාළව ප්‍රවාහන හා ඉන්ධන වියදම් සඳහා රුපියල් 100,000ක් ද, ආරාධනා පත්‍ර තැපැල් කිරීම හා අදාළ අනෙකුත් රාජකාරි කටයුතු සඳහා රුපියල් 100,000ක් ද දළ ඇස්තමේන්තුවට ඇතුළත් වෙයි
