පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 17 දෙනෙකු සමනලවැව රත්තනගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (27) උදෑසන සිදු කළ මෙම වැටලීමෙන් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී කැණීම් කරමින් සිටි මෙම පිරිස සමග කැනීම්වලට යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
බළංගොඩ ,හපුතලේ ,ඕපනායක,වැලිගෙපොල ,බෙලිහුල්ඔය ,වේවැල්වත්ත ,වැලිමඩ ,පින්නවල සහ කල්තොට යන ප්‍රදේශවල පදිංචි මෙම පිරිස අවුරුදු 19ත් 66ත් අතර වයස්වල පසුවන්නන් බව සදහන්.
ඔවුන් අද බළංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
