මේ වනවිටත් කොළඹ තත්වය අයහපත්ව තිබේ. ඒ අතරේ අද උදෑසන සිටම ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මහතා ඇතුළු සමස්ත ගුවන් හමුදා සාමජිකයන්ගේම තත්වය කාන්තාවන්ටත් වඩා පහත පහත තත්වයකට ඇද දැමුවේ සමාජ් මාධ්‍ය විසිනි. ගුවන් හමුදාධිපතිට කාන්තා යට ඇදුම් ඇන්දවීමට පවා සමාජ මාධ්‍ය පරිශීලකයන් කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකාවේ නීති පද්ධතියක් තිබේ. පාලකයන් මෙන්ම සමස්ත රාජ්‍ය පද්ධතියම බිදවැටුනේ නීතියට පයින් ගසා තමන්ට සිතන දේ පමණක් කිරීම නිසාය. එබැවින් එයට් ගරු නොකරන ජනතාවක්ද ශ්‍රී ලංකාවර දායාද විය.
රටේ ජනාධිපතිවරයා රටින් පිට කිරීම සදහා ඔහුගේ ඉල්ලීමට අවශ්‍ය දේවල් සිදුකිරීමට සමස්ත රාජ්‍යයේම සියලුම රාජ්‍ය නිලධාරීන් බැදී සිටි. ඒ අනුව රටේ ජනාධිපතිට මෙරටින් පිටව යාමට අවශ්‍ය පහසුකම් සැපයීමට ඔවුන් බැදී සිටී. නමුත් ජනතාව ඉල්ලා සිටින අකාරයෙන් නොහොත් පාලකයන් විසින් බිහිකරන ලද වැසියන්ට අනුව ඔවුන් රටින් පිටකිරීම වරදකි. ඔවුන් එසේ සිතන අකාරයෙන් වරදක්ද නැත. නමුත් නීතියට අනුව එසේ සිතීම වරදකි. කන්න බොන්න නැති රටක කුසගින්නේ සිටින 20% ක් වැසියන්ගේ දුක් ගින්දරට ඔවුන් වගකිව යුතු බව සත්‍යයකි.
අද මෙසේ නින්දා අපහාස විදින ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිද විශ්‍රාම යන විට රැගෙන යාමට අධි සුපෝඛබෝගී වාහනයක් රැගෙන ආවේ ආරක්ෂක ලේකම්ට ඉහලින් ගොස් ජනාධිපතිගේ නියෝගයෙන් බවද අප වාර්තා කර තිබේ. ඩොලර් නැතිව ජනතාව පීඩා විදින විටත් ඒවා ගැන නොහොත් පොඩි මිනිහාගේ දුක නොදැනුනු ගුවන් හමුදාධිපතිට දැවැන්ත ජනතා අප්‍රසාධයක් එල්ල වෙමින් තිබෙන්නේ ඔවුන්ගේද වැරදි නිසාමය. මිනිස්සු කන්න බොන්න නැතිව දුක් විදින විටත් පසුගිය මාසයේ විසි ගණන් වලදී ගුවන් හමුදා භටයන් සහ නිලධාරීන් විසින් ලක්ෂ ගනනාවක් වියදම් කරමින් මත් පැන් සාදයක්ද පැවැත්විණි. නමුත් ඒ සදහා බොහෝ හමුදා නිලධරීන් සහ භටයන්ද විරුද්ද විය.
මේ සියලුම දේවල් එකට ගත විට අපට පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් දූෂිත බවයි. නෙතියක් නැති, සමාජය ගැන , රට ගැන නොහිතන රටක වැසියන් සහ නූගත් නොදියුණු ගෝත්‍රික සංකල්පයන් සහිත ජනතාවගේ වෙනසක් නැත.
කෙසේ වෙතත් කුමන ජනතාවක් විරුද්ධ වුවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති විසින් ජනාධිපතිවරයාට විදේශගත වීමට ඉඩ හැරීමේ වරදක් නීතියට අනුව සිදුව නැත. ඔහු විදේශගත වීම වැලැක්වීම සදහා අධිකරණ නියෝගද ගැනීමට නොහැකිය. රටේ බහුතරයක් වැසියන් මෙන්ම හමුදා පොලිස් සේවකයන් පවා බොහෝ වැරදි කරමින් නූගත් ජනසමාජයක් බිහිවීමේ වරදට වගකිව යුත්තේද මෙරට පුරවැසියන්මය.
