සති කිහිපයක සිට වරින් වර පාරිබෝගික ජනතාව අපහසුතාවයට පත් කරමින් මතුවන බිත්තර ප්‍රශ්නය නැවත වරක් පැමිණ ඇති බව වෙළදුන් හා පාරිබෝගික ජනතාව මැසිවිලි නගන බව වාර්තා වේ.
බිත්තර සදහා පාලන මිලක් නියම කිරීමත් සමග වෙළද පොලේ මේ වන විට බිත්තර හිගයක් පවතින බව වාර්තා වේ.
පාරිබෝගික අදිකාරිය විසින් බිත්තර වැඩි මිලට අලවි කරන, බිත්තර තොග සගවා සිටින වෙළදුන් සොයා අකණ්ඩව වැටලීම් සිදුකරණ බව එම අදිකාරියේ නිලධාරියෙක් පවසා ඇති බව වාර්තාවේ.
බිත්තර සදහා රජය විසින් නියමකරන ලද උපරිම සිල්ලර මිල (සුදු බිත්තර රුපියල් 44,රතු බිත්තර රුපියල් 46 ක් ලෙස )ඉක්මවා අලවිකරණ වෙළදුන් හා සමාගම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වා දඩ මුදල් නියම කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.
සත්ව නිෂ්පාදන හා සෞබ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ බිත්තර නිෂ්පාදන වියදම් අඩු වී ඇති බැවින් බිත්තර මිල ඉදිරියේදී අඩු විය හැකි බවයි.
