නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ප්‍රදේශයේ ඉඩමක ගංජා අක්කර 2.5 ක ප්‍රමාණයක් සමග එහි සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අක්කර 2.5 ක ප්‍රමාණයක් තුල අඩි 4.5 ක් පමණ උස ගංජා ගස් 18,956 ක් තිබී ඇති අතර අත් අඩංගුවට ගත පුද්ගලයා සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
කෙසේ නමුත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ තමන්ට අයත් ඉඩමක ගංජා හේනක් පවත්වාගෙන ගොස් ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි. කෙසේ නමුත් ඔහු සදහන් කරන්නේ එම ඉඩම එළවලු සහ පලතුරු වගා කිරීම සදහා කුලී පදනම මත නියෝජ්‍ය කතානායකවරයාගෙන් ලබාගෙන තිබෙන බවද සඳහන් වේ. නමුත් ඒ සදහා වන කිසිදු ලියවිල්ලක් හෝ මාධ්‍යයට වාර්තා වී නැත.
ඉඩමේ ගංජා වවා තිබේ. සැබවින්ම ඉඩම නියෝජ්‍ය කතානායකවරයාගේ නොවේ නම් ඔහු කල යුත්තේ වහාම අදාළ මාධ්‍ය ආයතනයට එරෙහිව එන්තරවාසියක් යවා තමන්ට සිදු අපහාසයට වන්දි ඉල්ලීමය. සැබවින්ම ඉඩම ඔහුගේ නම් එසේ නඩු පවරාද පලක් නැත.
