කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පුත්‍රයා සිදු කළ පහරදීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
බීමතින් පැමිණි 22 හැවිරිදි පුතා විසින් අද (19) අලුයම සිදුකළ පහරදීමකින් 66 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ,පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට ඇතුළත් කිරීමට නියමිතයි.
සැකකාර පුත්‍රයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිට ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
