නිර්වින්දන ඖෂධ 2ක් භාවිතයෙන් ඉවතට.

ගැටලු රැසක් ඇති කළ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර එම ඖෂධ තොගය හෙට (13) දිවයිනට ලැබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලයේ අදාළ නිර්වින්දන ඖෂධ භාවිත කර සැත්කම් සිදුකළ කාන්තාවන් කිහිපදෙනෙකු මියයාමත් සමග මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

Exit mobile version