නිවෙස් නිරෝධානයයේ දී කිසිම රෝගියෙක් අතහැර දමන්නේ නෑ.

වෛරසය ආසාදනය වී නිවෙස් නිරෝධානයේ සිටින ඇතැම් පිරිස් නිසි පරිදි වෛද්‍ය අධීක්ෂණයට ලක් නොවන බවට තොරතුරු වාර්තා වී ඇත.

කිසිදු අවස්ථාවක අසාදිත පුද්ගලයින් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව නිවෙස් නිරෝධානය සඳහා යොමු නොවිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා දන්වා සිටියේ.

එසේම ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසයේ ඝණත්වය ඉහළ යාම නිසා එහි තවත් විකෘති වෛරස ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් ඇති බවයි ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා පැවසුවේ.

Exit mobile version