නීතිඥවරයෙකුගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කෙරෙයි.

ඉඩම් ගනුදෙනුවකට අදාළ කටයුත්තකදී නීතිඥවරයෙකු විසින් සිදු කරනු ලැබූ නීති විරෝධී ක්‍රියාවක් සිදු කළා යැයි ලද පැමිණිල්ලක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව මෙම නීතිඥවරයාගේ නීතිඥභාවය ඉවත් කරන ලෙස අද (10) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයිරාජා , විජිත් මළලගොඩ යන අය විසින් නියෝග කළ බවට වාර්තා වේ. ඒ අනුව මෙම නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව කියයි.

Exit mobile version