නීතිඥවරයෙකුට පහරදීමක් .

රාජකාරි නිමවා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වන ජානක ඉන්ද්‍රජිත්ට වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් සිදුකළ පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

පදවිය – අලිවංගුව ප්‍රදේශයේදී මාර්ගය හරස් කොට යතුරුපැදිය නවත්වා හිස් වැසුම ගලවා ඊයේ (12) පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බව සදහන්.

පහරදීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නඩුවකට පෙනී සිටීම හේතුවෙන් පහරදීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරනු ලබයි.

Exit mobile version