ශ්‍රී ලංකාවේ මේ නීතිවේදීන් සදහා වැටුපක් නොගෙවන අතර ඔවුන්ට වැටුප ලෙස ලැබෙනුයේ ඔවුන්ගේ සේවය ලබා ගැනීමට එන සේවාදායකයන්ගෙන් ලබාගන්නා මුදලයි. ඊට අමතර රජයේ නීතිඥවරුන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව තුල වැඩ කරන නීතිවේදීන්ට රජයෙන් වැටුපක් ගෙවන අතර අනෙකුත් නීතිවේදීන්ට මෙන් භාහිර පුද්ගලයන් වෙනුවෙන් සේවය ලබා දීම ඔවුන්ට තහනම්ය. ඊටත් අමතරව වෙනත් රාජ්‍ය ආයතනවලට ද නීතිවේදීන් බඳවාගෙන තිබෙන අතර ඔවුන්ටද රජයෙන් වැටුපක් ගෙවයි.
නමුත් වැටුප් නොලබන නීතිවේදීන් ද මේ වන විට සේවා ගාස්තු වැඩි කර තිබේ. අපගේ වාර්තාකරුවන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මේ බව අනාවරණය විය. ඒ අනුව රුපියල් 1,000 රුපියල් 2,000 ලෙසද, රුපියල් 2,000 රුපියල් 4,000 ස ලෙසද, රුපියල් 5,000 7,500 ලෙසද රුපියල් 15,000 ට කතා කල නඩුවක් රුපියල් 25,000 ක් ලෙසද, රුපියල් 50,000 ට කතා කල නඩුව සදහා 75,000 ක් ලෙසද, ආදී ලෙස ඉහල ගොස් තිබේ. නමුත් මානව හිතවාදී නීතිවේදීන් බහුතරයක් ගාස්තු වැඩි කර නැති බවද සදහන් වේ. එසේම අප ඉහතින් සදහන් කර තිබෙන ගස්තුත් විවිධ නීතිවේදීන්ට අනුව විවිද අයුරින් මිල ගනන් වෙනස් කර තිබේ. ඔප්පු ලිවීමේ ගාස්තුද එසේමය. මීට අවුරුද්දකට පෙර යම් නීතිවේදියෙක් රුපියල් 7500 ක් ගත්තේ නම් එය මේ වන විට රුපියල් 10000 ක් පමණ හෝ ඊට අඩු වැඩි වී තිබේ.
රාවණා සටහන
නීතිවේදීන් වැටුපක් නොලබන හෙයින් ඔවුන්ගේ දක්ෂතාවය සහ මහන්සිය වෙනුවෙන් තම සේවය සදහා ගාස්තුවක් අය කිරීම හැර වෙනත් කල හැකි දෙයක් ඔවුන්ට නැත. නමුත් බොහෝ නීතිවේදීන් තම සේවය නිසි ලෙස ඉටු නොකරන බවද නොරහසකි. ඒ පිළිබඳව බොහෝ දේ අපිට ලිවිය හැකිය. එහෙත් මේ පුවත ගාස්තු වැඩි වීම පිලිබඳවයි.
මෙසේ විශාල ලෙස ගාස්තු ඉහල යාම හේතුවෙන් විවිධ නඩුවලට පැටලී සිටින ජනතාවට යුක්තිය ඉටුකර ගැනීම තවත් දැඩි බාදාවක් වනු ඇත. බොහෝ අපරාධකරුවන් බන්ධනාගාරයෙන් ඇප ලබාගෙන විත් නැවත නැවතත් අපරාධ සිදු කරන්නේ නීතිඥ ගාස්තු ගෙවීමටයි. ඊට අමතරව ඔවුන්ගේ දරු මල්ලන්ගේ ප්‍රශ්න විසඳීමටයි.
යමෙකු වරදකට හෝ සැකකරුවෙකු ලෙස අත් අඩංගුවට පත් වීමත් සමගම ඔහු කරමින් සිටි රැකියාව අහිමි වේ. ඇප පිට නිදහස් වී පැමිණෙන ඔහු හෝ ඇය නැවත නැවත අපරාධ කිරීමට පෙලබෙන්නේ අදායම් මාර්ග නැති නිසාය. එසේම සිවිල් නඩුවල තත්වයද එසේමය. නඩු ගාස්තු, මානකවරුන්ගේ ගාස්තු, සාක්ෂිකරුවන්ගේ ගාස්තු, පිස්කල් ගාස්තු ආදියද වැඩි වුවහොත් මිනිසුන් නඩු කිවීමෙන් දුරස් වී හිතින් දුක් විඳිමින් සිටිණු ඇත. එසේ නොමැති නම් ඔවුනොවුන් මරා ගනු ඇත. ආරවුල් සිදුකර ගනු ඇත.
එබැවින්, ඉදිරියේදී ජනතාවගේ නඩු සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට රජයට සිදු වනු ඇත. එසේ නොමැති වුවහොත් ජනතාව දිගින් දිගටම අපරාධ කරනු ඇති අතර සිර ගත වන ප්‍රමාණයද වැඩි වනු ඇත. එය රටක් ලෙස අනාගත පරපුර තව දුරටත් විනාශ වන ක්‍රියාවලියක් වනු ඇති අතර නීතිවේදීන්ට පවා විවිධ තර්ජන සහ ගැටළු වලට මුහුණ දීමට සිදු වනු ඇත. ජනතාව කුපිත වීම යනු දේශයකට හෝ එහි සාමකාමී හෝ ධානපති පුරවැසියන්ටද යහපත් ප්‍රතිපලයක් නොලැබෙනු ඇත.
