නීතිඥ සංගමය අරගලකරුවන්ට අවවාද කරයි – රජයේ කාර්යාල අල්ලා ගැනීම නීතිවිරෝදීයි.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

විරෝධතාකරුවන් පිරිසක් විසින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැළඹීමට පත්ව ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම පරිශ්‍රය වහාම බලධාරීන් වෙත ආපසු ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමකාමී විරෝධතාවල අයිතීන් අඛණ්ඩව තහවුරු කරන නමුත් ව්‍යවස්ථා විරෝධී වන අවනීතිය හෝ අරාජික තත්ත්වයකට සහාය නොදක්වන බවද එම සංගමය අවධාරණය කරයි.

රජයේ කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් නොවන එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, මේ අවස්ථාවේදී සන්සුන්ව සිටිමින් මෙරට දේශපාලන නායකයින් පොරොන්දු වූ සාමකාමී බල හුවමාරුවට ඉඩකඩ ලබාදෙන ලෙසයි.

Exit mobile version