නීතිපතිවරුන් අගවිනිසුරුවරුන් කිරීම නීතියේ ස්වාධිපත්‍යයට අභියෝගයක් – නීතීඥවරයෙකුගෙන් ප්‍රකාශයක්.

නීති පති ධුරයට පත් කරන තැනැත්තන් අග්‍ර විනිශ්චයකාර ධුරයට පත් කිරීම වර්තමාන භාවිත ක්‍රමවේදය තුළ නීතියේ ස්වාධීනත්වයට බරපතළ අභියෝගයක් වන බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මේ වන විට නීති පති දෙපාර්තමේන්තුව රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම පැහැරහැර ඒ වෙනුවට දූෂිතයන්ව ආරක්ෂා කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි.

එවන් වටපිටාවක් තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නීතිපතිවරයා බොහෝ අවස්ථාවලදී විධායකය විසින් අගවිනිසුරු ධුරයට පත් කිරීමේ ක්‍රමවේදය හරහා නීතියේ ස්වාධීනත්වයට අභියෝගයක් එල්ල විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

Exit mobile version