නීතියක් නැති රටේ සමුහ දුෂණ. නීතිය ක්‍රියාත්මක වෙද්දී හඳපායල තියෙයි.

ඉන්දියාවේ වගේම සමුහ දුෂණ ලංකාවෙන් වාර්තා වෙනවා. ගැහැණුන් ට විතරක් නෙවෙයි පිරිමින්ට ළමයින්ට ත් නිතර නිතර ඇඟේ හය්ය පෙන්වනවා. කට්ටියක් දියසෙන් එනකම් ඉන්නවා.කට්ටියක් රාවණා එනකම් ඉන්නවා. නීතියේ ආධිපත්‍ය කොහාට ගිහින්ද කියලා දන්නේ නැහැ. හැමෝම චන්ද කරන්න වේදිකාවල.බුකියේ කට්ටිය අධීක්ෂණය කර කර ඉන්නේ තමන්ගේ පක්ෂේ එකාට කෝචෝක් එකක් දාන්නේ කව්ද උන්ව මරාගෙන කන්න.ඒවාට අධ්‍යාපනය එහෙම අදාලම නැහැ. සමාජ වෛරය කියන එක තමයි බුකියත් මෙහෙයවන්නේ. සමාජයයි බුකියයි දෙකම මේ ගරා වැටිච්ච සමාජයේ කැඩපත.

අනුන්ගේ පෞද්ගලිකත්වය හා ගරුත්වය ගැන නොහිතා පේජ් එකෙන් අයින් කරලා තියෙද්දිත් ලජ්ජා නැතිව අනුන්ගේ පොස්ට් කොපි කරගෙන ආතල් ගැනීමත් ඒ ග්‍රාමය කමේ සුපිරි ලක්ෂණයක්.

සිද්ධි වාර්තා වෙන විදියට පිට පිට සමුහ දුෂණ දෙකයි.නීතිය නින්දෙන් නැගිටලා ඕවාට නීතිය ක්‍රියාත්මක කරනකොට හඳ පායලා තියෙයි.මිනිමැරුම් වැහි වැහලා.ඒවා කව්ද කරන්නේ කොහොමද වෙන්නේ කියලවත් තොරතුරු නැහැ.පලස්තීනය ගැන දුක් වෙනවා නම් තමයි.හැබැයි තමන්ගේ රටේ සමාජ ගරා වැටීමට පිලියමක් නැහැ.මැතිවරණ වේදිකාවල කප්පරක් කයිවාරු.හැබයි කාටවත් දැන් තමන්ට කරන්න පුළුවන් දේ කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.අසීමාන්තික දුෂිත ක්‍රමයක,සමාජ වෛරය,සාමුහික ප්‍රචණ්ඩත්වය හා කුහකකම් ඉර්ශ්යාව වැහි වහැලා.අපිට ඕන සම්පුර්ණ සමාජීය වෙනසක්.මේ විදියට රටකට යන්න බැහැ.මිලේච්ච සමාජයක් නැගිටින්නේ නැහැ.විනාශ වෙනවා මිසක්.ඒ විනාශයට සීමාවක් තමයි දැන් පළමුව ඕන. හරිම ඛේදනීයයි.

සුභාෂනී

Exit mobile version