නීති විරෝධී ගිනිඅවියක් ලගතබාගත් අයකු අත්අඩංගුවට.

ඊයේ (10) දින මහවත්ත ප්‍රදේශයේදී  ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවකු සිරිපාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පොලිසියේ නිලධාරීන් හට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකොට මෙම ගිනි අවිය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ පදිංචිව සිටි  වයස අවුරුදු 53 ක් වන පුද්ගලයකු බව පොලිසිය සදහන් කර තිබේ.

අද (11) දිනයේ, දී  අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර සිරිපාගම පොලසිය සිද්ධිය  සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version