නෙදර්ලන්ත ඔටුන්න හිමි කැතරිනා අමෙලියා කුමරියගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ඇය වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇති අතර පසුගිය දා ඇය ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සිය උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබුණි.
එනිසා විශ්වවිද්‍යාලයේ ආසන්නයේ නිවසක රැඳී සිටිමින් ඇය අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය වෙත යාමට තීරණය කර තිබුව ද පසුව ආරක්ෂාව පිළිබඳ ඇති වූ ගැටලු හේතුවෙන් ඇයව යළිත් මාළිගය වෙත ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ.
එරට ආරක්ෂක අංශ සඳහන් කළේ ඇයට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පැහැරගැනීමට ඉඩ ඇති බවට හඳුනා ගැනීමත් සමග ඇයගේ ආරක්ෂාව මෙසේ තරකළ බවයි.
