නෙළුම් කැඩීමට ගිය පුද්ගලයෙකු මරුට.

මුලතිව් තාමරකුලම් වැවේ නෙළුම් කැඩීමට ඔරුවකින් ගමන් කළ දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා ඔරුවේ ගමන් කරන විට එහි තිබූ සිදුරකින් ජලය කාන්දු වී ඔරුව ගිලී ඇති බව සදහන්.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 22ක් වන අතර ඔහු සිලාවන්ත ,දකුණ මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය මාංචෝලේ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මුලතිව් පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version