නෙළුම් කුලුන බලන්න යන්න ඉන්න ඔබට විශේෂ නිවේදනයක්.

මහජනතාවට නෙළුම් කුලුණ නැරඹීම සඳහා වෙන්කර ඇති කාලයේ වෙනසක් සිදු කර ඇත.

ඒ අනුව වෙනස් කළ වේලාවට අනුව සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වා මහජනාවට නෙළුම් කුලුන නැරඹීමේ අවස්ථාව උදා වේ.

එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ සති අන්තයේ එම කාලය වෙනස් කර ඇති අතර ඒ අනුව උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකි බවයි.

එමෙන්ම මේ වන තෙක් පැවති රු.2,000 ප්‍රවේශ පතුය මින් ඉදිරියට නිකුත් නොකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එය නැරඹීම සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍රයක මිල රු.500කි.

Exit mobile version