නෙළුම් කුළුණ ජනතාවට විවෘත කෙරේ.

අද (15) සිට දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන “නෙළුම් කුළුණ”  ජනතාවට විවෘත කිරීම සිදුවිය.

ඒ අනුව අදාළ සමාගම ප්‍රකාශ කළේ සෑම දිනකම පස්වරු 02.00 සිට රාත්‍රී 10.00 දක්වා නෙළුමු කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම වන බවයි.

නෙළුම් කුළුණේ ඉදි කිරීම කටයුතු 2012 වර්ෂයේ ආරම්භ වූ අතර මෙම වසරේ පෙබරවාරි 28 වන දින එම කටයුතු අවසන් කෙරිණ.

අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න වියදමකින් ඉදි වූ මෙම ගොඩනැගිල්ලෙහි මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ වීමත් සමග ජනතාවට එහි දී නවඹු අත්දැකීම් රැසක් ලබා ගැනීමේ හැකියාව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම විසින් සලසා දී ඇත.

Exit mobile version