නේපාලය සමග ජනපති සාකච්ඡා අරඹයි.

ශ්‍රී ලංකාවේ සංචාක සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යපන අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් නේපාලය සමග ද්විපාර්ශවික එකඟතාවයකට පැමිණීම සඳහා වන මූලික සාකච්ඡාවක් පවත්වා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අදාළ සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල තානාපති බාෂු දේවි මිෂ්රා මහතා අතර පැවති බවයි.

එම සාකච්ඡාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධවීමට දෙරටේ තරුණ තරුණියන්ට අවස්ථාවක් සලසා දෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පලකර ඇත.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ නේපාල රජය අතර ඒ සඳහා වන ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

Exit mobile version