අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේදී මියගොස් සිටියදී හමුවී ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
වාර්තා වන ආකාරයට අදාළ වෛද්‍යවරයා නියමිත පරිදි ඔහු සේවය කරන වාට්ටුවට නොපැමිණීම නිසා වාට්ටුවේ සිටි අනෙක් පිරිස ඔහුට දුරකථනයට ඇමතුම් කිහිපයක් ද ගෙන තිබෙන අතර දිගින් දිගටම ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් හෙද නිලධාරිනියක විසින් ඔහු නැවතී සිටි පෞද්ගලික නිවසට රෝහල් සේවකයෙකු යවා තිබේ.
එහිදී අදාළ වෛද්‍යවරයා ඇඳ මත නිදා සිටින ආකාරය දැක නිවසේ ඉදිරිපස දොර විවෘත කර අම්පාර රෝහලේ ගිලන් රථයකින් වෛද්‍යවරයාව රෝහල වෙත රැගෙන යාමට කටයුුතු කර තිබුනද රෝහලට රැගෙනයන විටත් ඔහු මියගොස් සිට ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.
