දෙහිවල ජාතික සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවට වසර 87ක් සපිරීම නිමිත්තෙන් ජූලි 03 වනදා වයස 12න් පහළ සියලු ළමුන් සදහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබා දෙනු ලබන බවට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙදින සතුන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාව තුල වර්ධනය කිරීම සදහා වන වැඩසටහන් මෙන්ම ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩසටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.
