නොරොච්චෝලේ යළි වැඩ අරඹයි

විදුලිබල අමාත්‍යංශය සඳහන් කරන්නේ මේ වන විට නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය යළි වැඩ ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අද (10) සිට රාත්‍රී කාලයේ සිට සිදු කෙරුන විදුලි කප්පාදු කිරීම් නවතා දැමේ.

පසුගිය දිනවල දි නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් පස්වරු 06.00 සිට රාත්‍රී 9.30 අතර කාලය කුළ දී ඇතැම් ප්‍රදේශයන්ට පැයක පමණ කාලයක් විදුලිය  කප්පාදුවක් සිදු කෙරුණි.

කෙසේ නමුත් මේ වන විට විදුලි පද්ධතිය යළි යථා තත්ත්වයට පත්ව ඇත.

Exit mobile version