පක්ෂ දෙකක් එක්ව සංචාරයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් චීනයේ සංචාරයක නිරත වන බවට වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ඩීවී චානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පාක්ෂිකයින් 5 දෙනෙකුගෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායම චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයකට අනුව චීනයට ගොස් තිබේ.

ඒ අනුව දිලිදුකම පිටුදැකීම ,ග්‍රාමීය සංවර්ධනය,රාජ්‍ය පෞද්ගලික මැදිහත්වීම සහ චීන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධයෙන් ඔවුන් අධ්‍යනය කරන බවට මිලින්ද රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටී.

Exit mobile version