පඹයෙක් බවට චෝදනා ලත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට විරුද්ධ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගැනීම කල් යයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදු කර තිබෙන වංචා දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මීට මාස ගනනාවකට පෙර ඉදිරිපත් කර තිබෙන එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාට විරුද්දවයි.
එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ සිවිල් පුරවසියෙකු විසින් වන අතර එම පැමිණිල්ල අද දින විභාගයට ගැනීමට නියමිතව තිබී ඇත. නමුත් පැමිණිලි පාර්ශ්වය ඒ සදහා වෙනත් දිනයක් ඉල්ලා තිබෙන බැවින් එය ඉදිරි දිනයකදී නැවත විභාගයට ගැනීමට නියමිතව තිබේ.
මහනුවර දළදා මාලිගාවේ පමනක් නොව විහාර සහ දේවාල වලට අයත් නින්දගම් ජනතාවට සිදුව තිබෙන දැඩි අකටයුතුකම් වලට එරෙහිව කටයුතු කල යුතු නිසි බලධාරියා වන්නේ සුනන්ද කාරියප්පෙරුම මහතා වුවත් ඔහු එම ජනතාවගේ ප්‍රශ්න විසදීම සදහා හෝ ඔවුන් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක්වත් විභාගයට ගැනීමට කටයුතු කර නැති නිකන්ම නිකන් පඹයෙක් බව නින්දගම් වාශි ජනතාව ප්‍රකාශ කරයි.

Exit mobile version