ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපති වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ඉතිහාසයට සහ ලෝක ඉතිහාසයට එකතුව තිබේ.
ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉල්ලා අස් වූ ප්‍රථම ජනාධිපති වේ. එසේම ශ්‍රී ලංකාවෙන් පලා ගිය එකම ජනාධිපතිද ඔහු වේ. එසේම මාලදිවයිනේ සිට සිංගප්පුරුව දක්වා ගුවන් ගමන ලෝක ඉතිහාසයට එකතු වන්නේ වැඩිම පිරිසක් නිරීක්ෂණය කල ගුවන් යානය වීමෙනි. ඔහු ගමන්කළ ගුවන් යානය https://www.flightradar24.com වෙබ් අඩවිය ඔස්සේ 12,000 කට වඩා නිරීක්ෂණය කර තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙවැනි තත්වයකට පත් කිරීමේ වගකීම මහජනතාව මෙන්ම ඔහුට චන්දය දුන්, නොදුන් සියලුම දෙනාම ගත යුතුය. කාලාන්තරයක් තිස්සේ දේශපාලනය ව්‍යාපාරයක් කරගත්, දේශපාලඥයන්ගෙන් රැකියා ලබා ගත, තම ව්‍යාපාර ආදිය ප්‍රවර්ධනය කර ගැනීමට සහාය ලබා ගත් පක්ෂ විපක්ෂ සියලුම දෙනා වගකිව යුතුය. දීර්ඝකාලීනව විවිධ කල්ලි සහ කණ්ඩායම් සිදුකල අකටයුතුකම් වල ප්‍රතිපලයට මුහුණදීමට ඔහුට සිදු විය .
වර්තමානය තුල ලංකාවට සිදුව තිබෙන විනාශයේ චුදිතයන් වන්නේ ඔවුන්ට කතිරය ගසා පත් කරගත් චන්ද දායකයාමය. ඔවුන්ද මේ අපරාධයේ කොටස් කරුවන්ය.
ජනාධිපති රටින් පලා ගියද ඔහුද නොමග රට විනාශකල සැබෑ මංකොල්ලකරුවන් ශ්‍රී ලංකාවේ යෙහෙන් වැජබෙන බව අමතක නොකරන්න. ඔවුන් සිටිනා තාක් කල් රට ගොඩ නැගීම කිසිවෙකු හිතනා තරම් ලෙහෙසි නොවනු ඇත.
