පවුල් ආරවුල් විසඳීමට ගොස් අත් කරගත් අවාසනාවක්.

අකුරැස්ස ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පොරොවකින් පහරදී ඝාතනය කළ පුවතක් වාර්තා වී ඇත.

දියණිය සහ බෑනා අතර ඇති වූ ආරවුලකට මැදිහත්වීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව අදාළ බෑනා විසින් ඊයේ (17) රාත්‍රියේ මෙම පුද්ගලයාට පහරදීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වන ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ම පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව අදාළ සැකකරු පළාගොස් ඇති අතර අකුරැස්ස පොලිසිය විසින් සැකකරු සොයා වැඩිදුර විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.

Exit mobile version