පස් දෙනෙකු අවසන් ගමන් යැවූ ඇමරිකාවේ වෙඩි තැබීම.

මේ වසරේ ගෙවුණු කාලසීමාව තුල ඇමරිකාවේ වෙඩි තැබීම් සහ වෙඩි තබාගෙන සියදිවි හානි කරගැනීම් වලින්  පුද්ගලයින් 34,000ක් මියගොස් ඇති බව වාර්තා වේ.

එසේ මියගිය පුද්ගලයින්  අතරට පසුගියදා පොලිස් නිලධාරියෙකු ඇතුළු පස්දෙනෙකු එකතු විය.

ඒ ඇමරිකාවේ උතුරු කරෝලයිනා ප්‍රාන්තයේ රාලිනුවර සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙනි.

ප්‍රධාන මාර්ගයක වෙඩි තැබීම සිදුව ඇති අතර ,වෙඩි තැබූ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Exit mobile version