පසුගිය වසරේ ඩොලර් මිලියන 24කට අධික ආධාර වෙන්කර තිබිණ.

අමෙරිකාව විසින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 24 කට අධික ආධාර ප්‍රමාණයක් වෙන් කර ඇති බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චංග් ප්‍රකාශ කර තිබේ.

ඇය සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එම ආධාර ආහාර සුරක්ෂිතතාව, පාසල් දිවා ආහාර අරමුදල්, කුඩා වතු හිමියන් සඳහා පොහොර සහ ගැබිණි මව්වරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එම ආධාර වෙන් කර තිබූ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය, පුහුණුව සහ ආධාර ඉදිරියටත් ලබා දීමට සූදානම් බව ද ඇය සිය ට්වීටර් පණිවිඩය තුලීන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

Exit mobile version