පසුගිය වසරේ වැඩිම අපනයන ආදායම කුරුදුවලින් .

කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ ලැබූ අපනයන ආදායම ඩොලර් මිලියන 455ක් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී .එම ආදායමෙන් වැඩිම අපනයන ආදායමක් ලැබී ඇත්තේ කුරුදු වලින් බව පවසයි. එම ආදායම ඩොලර් මිලියන 217ක් බව කියයි.

එමෙන්ම පසුගිය වර්ෂයේ  කුරුදු , ගම්මිරිස් , කෝපී , කරාබුනැටි , සාදික්කා ආදී කුළුබඩු මෙට්‍රික් ටොන් 58,192ක් අපනයනය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version