පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

 මේ වන විට ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා එළඹෙන 31 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙනු ලැබූ උපදෙස් මත මෙලෙස සංචරණ සීමා දීර්ඝ කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව හෙට (21) අලුයම 04ට අවසන් වීමට තිබූ පළාත් අතර සංචරණ සීමා නැවතත් එළඹෙන 31 වනදා තෙක් දීර්ඝ කර ඇත.

Exit mobile version