ප්‍රංශ කිරි කම්හලක් වාරියපොළදී විවෘත කෙරේ.

ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (4)විවෘත කළ බව වාර්තා වේ.

 මෙම කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 800කි.

දෛනිකව කිරි ලීටර් 40,000ක් මෙම කුඩා කිරි සැකසුම් කර්මාන්තශාලාවේ දියර කිරි ලෙස සැකසෙන අතර, ගොවීහු 4200ක් දෛනිකව අවශ්‍ය කිරි සපයනු ලබන බව සදහන්.

 කිරි ලීටරයක් රුපියල් 140ක් බැගින් මෙම කර්මාන්ත ශාලාව විසින් මිලදී ගනු ලබන අතර මෙමගින් ගොවි ජනතාවට ප්‍රතිලාභ වශයෙන් දෛනිකව රුපියල් මිලියන 4.2ක් හිමිවේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කිරි සැකසුම් මධ්‍යස්ථානය විවෘත වූ අතර එම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Franchois Peatet, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූ බව සදහන්.

Exit mobile version