ප්‍රති ත්‍රස්ත පනත තියෙන්නේ ජාත්‍යන්තරය සනසන්න නෙවෙයි.

පනත් කොතරම් තිබුණත්  එය ක්‍රියාත්මක කරන අයගේ අතෙහි මෙය පවතීනම් කළ යුත්තේ තවත් පනත් ගෙන ඒම නොව ආයතන ශුද්ධ කිරීමයි. ජනාධිපති නීතිඥ චිරන්ත වරලියද්ද මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකදී ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව කරුණු අනාවරණය කරන ලදි.

චිරන්ත වරලියද්ද මහතා ප්‍රකාශ කර සිටින්නේ යම් රටක ස්වෛරී භාවයට යම් බලපෑමක් කරන්නේ නම් එය ත්‍රස්තවාදී පනතක් බවත් විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය .

එමෙන්ම ත්‍රස්තවාදය යනු,

• මහජනතාවට ලංකාවේ හෝ පිටරට රාජය්‍යක නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදු කිරීමට බල කිරීම.

• අපේ රටේ හෝ පිටරටක දේශ සීමාවක් විනාශ කිරීමට බලපෑම් කිරීම.

• ජාතික ,ආගමික අදහස් වලින් රට අස්ථාවර කිරීම

 ආදී කරුණු මගින් ත්‍රස්තවාදය පැන නැගිය හැකි බවට ප්‍රකාශ කර තිබේ.

එසේම මෙතරම් යුද්ධයක් අවසන් කළ හමුදාවක් සිටියදී,මෙතරම් ශක්තිමත් යැයි කියන බුද්ධි අංශයක් සිටියදී ,ගෝඨාභය විශ්වාස කරන කමල් ගුණරත්න ,ශවේන්ද්‍ර සිල්වා ,ජෙනරල් ශ්‍රවේ සිටියදී , PTA පනතක් තිබියදී ගෝඨාභයට රට හැර යාමට සිදු වීම මගින් තවදුරටත් මෙවන් පනත් මගින් ප්‍රයෝජනයක් තිබේද? යන්න චමුදිත ප්‍රශ්න නගන විට වරලියද්ද මහතා ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය මහතා සිදු කළ යුතුව ඇත්තේ බියේ පළා යාම නොව සියලු දෙනා ඉදිරියට පැමිණ නොබියව මුහුණ දිය යුතු බවයි.

එමෙන්ම මාකදුරේ මදූෂ් මරා දැමීමත් , අංගොඩ ලොක්කා ,කුඩු සලිදු ලංකාවට ගෙන එන විට මරණ තර්ජන එල්ල වී තිබීමත් ආදී ක්‍රියා සිදු වීම තුළින් අපි මෙම පනත් මගින් කුමක් බලාපොරොත්තු වන්නේද ? යන ප්‍රශ්නය පැන නගින බවත් ,දේශපාලකයන්ගේ ආධාර නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පාතාලයේ වැජඹෙන්න හැකියාවක් නොමැති බවත් ප්‍රකාශ කර තිබේ.

එම නිසා මෙවන් පනත් කොතරම් තිබුණත් මේවා ක්‍රියාත්මක කරන අයගේ අතෙහි මේවා පවතීනම් තවදුරටත් කළ යුත්තේ පනත් ගෙන ඒම නොව ආයතන ශුද්ධ කිරීම බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 ම දියවන්නාවට දැමිය යුතු බවත්,ඔවුන්ගෙන් කිසිම සෙතක් රටට නොවූ බවත් ප්‍රධාන පක්ෂ දෙක වූ මහින්ද මහතා සහ සජිත් මහතාගේ පක්ෂ මැයි 1පළමුදා වියදම් කළ ආකාරයෙන් ස්වාධීන ලෙස ඡන්දයකින් දිනිය හැකිදැයි පවසා තිබේ.

එසේම DIG එකට අසීමිත බලතල ලබාදීමත් ,අල්ලස දූෂණය ,මහා පරිමාණ වංචා සොයන්න තිබෙන ආයතන කුණුවෙලා නම් එෆ්.සී.අයි.ඩී.ඒ  පරීක්ෂණයක් යටගහන්න ඕනිනම්  මුදල් ලබා ගන්නා බවද,ඒ පිළිබඳව සෙවීමට අවශ්‍ය නම් එයටද මුදල් ගන්නා බවට ප්‍රකාශ කර තිබේ.

තවද මෙම පනත යටතේ ත්‍රස්තවාදී විමර්ශණයක් සිදු කළ නොහැකි බවත් ,

•අල්ලපු ගමන් පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කළ යුතු බවත්,

• අත්අඩංගුවට ගත් මොහොතේම  නීතිඥ සහය ලබා ගැනීමේ අයිතියක් තිබෙන බව පැවසිය යුතු බවත් ,

• ඒ කෙනා ඉන්න තැනට ගිහින් පරීක්ෂණයක් සිදු කිරීමට මානව හිමිකම් එකට අයිතියක් තිබෙන බවත් 

ප්‍රකාශ කර තිබේ.

එසේම නීතිඥවරු ඔවුන් ළගට ගොස් ලබා ගන්නා තොරතුරු අඩබෙර ගසන්න නෙවෙයි ඒවා ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළයුතු බවත් නීතිඥවරු කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කරන බවත් නීතිඥවරුන්ගේ රාජකාරිය උසාවියේ මිසක් මහමග නොවන බවද පවසා සිටී.

එමෙන්ම මෙම අලුත් පනතින් ත්‍රස්තවාදින් හුරතල් කිරීමක්ද සිදුවන බව ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

Exit mobile version