ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා ඇති බවයි.
වාර්තා වන ආකාරයට අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදු ව තිබෙන බවත් කෙසේ වෙතත් මේ වන විට අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
