ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිගේ නින්දිත වැඩ  හෙළිවේ.

ජනප්‍රිය ප්‍රධාන පෙළේ පාසලක සිසුන් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ විදුහල්පති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත රත්නපුර ප්‍රධාන පිරිමි පාසලක කලක පටන් සිදුවන මෙම ළමා ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ලද තොරතුරු මත කරන ලද විශේෂ විමර්ශනයකින් පසුවය.

අදාළ විමර්ශනයේ දී හෙළී වී ඇත්තේ මෙම විදුහල්පතිවරයා කලක පටන් ඉතා සූක්ෂම ලෙස සිය නිළ නිවාසය වෙත පාසලේ ළමුන් ගෙන්වා ඔවුන් මුදල් ත්‍යාග සහ වරප්‍රසාද ලබා දෙමින් මෙසේ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ මේ පිළිබඳව සාක්ෂි සහිතව වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මෙම සැකකාර විදුහල්පති ඊයේ (23) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බරපලථ ලිංගික අපයෝජන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටින්නේ මෙරට තුළ පාසල් ආශ්‍රිතව කවර හෝ ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව පැමිණිලි හෝ තොරතුරු ඇත්නම් වහාම ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි.

Exit mobile version