දැඩි ආරක්ෂක ව්දිවිධාන යටතේ සමාජයට අනාවරණය නොවී ඇමරිකානු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව වාර්තාවේ.
වාර්තා වන ආකාරයට එම පිරිස සමග ප්‍රහාරක ජෙට් යානාවක් හා යුධ නෞකාවක් පැමිණ තිබේ.
මෙම ඇමරිකානු දූත පිරිස පැමිණි ජෙට් යානයට අමතරව ප්‍රහාරක ජෙට් යානයක්ද කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බව වාර්තා වේ.
එසේම පැමිණි දුත පිරිස කටුනායක ගුවන්තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණ ඇත්තේ අධිවේගී මාර්ගය හරහා පරිවාර රථ 16ක පමණ ආරක්ෂාවක් යටතේ බවයි වාර්තා වන්නේ.
