ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසාහි දී රතු කුරුස සංවිධානයට භාර දී තිබෙන බව වාර්තා වේ .
ඊට පෙර හමාස් සංවිධානය විසින් තායි ජාතිකයන් 12 දෙනෙකු නිදහස් කර ඇති අතර ගාසාහි දී ඊශ්‍රායල ජාතික ළමුන් සහ කාන්තාවන් 13 දෙනෙක් නිදහස් කර තිබේ .
එමෙන්ම ඔවුන් රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුවට රැගෙන යාමට නියමිතව තිබේ .
පසුව ඔවුන්ව ඊශ්‍රායල බලධාරීන්ට භාරදීමට නියමිතව ඇති බව ද වාර්තා වේ .
