මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත අද (12) දිනයේ රැගෙනවිත් තිබුණි.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇයව මෙසේ රැගෙනවිත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මතය.
ඇයව මෙසේ රැගෙනවිත් ඇත්තේ විමර්ශන කටයුත්තක් සඳහා බව වාර්තා වේ.
මේ අතර ඇයව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තවත් ස්ථාන තුනකට ද රැගෙන යාමට නියමිතව ඇත.
