ප්‍රේම සම්බන්ධය මරණයෙන් කෙලවර වෙයි.

ප්‍රේම සම්බන්ධයක් මුල්කරගනිමින් 16 හැවිරිදි පාසැල් සිසුවියක් දිවි නසා ගැනීමේ පුවතක් මැදවච්චියෙන් වාර්තා වේ.

ප්‍රේම සම්බන්ධයක් අතරමග නවතා දැමීම හේතුකොට ගෙන මෙලෙස දිවි තොර කරගෙන ඇත්තේ මෙවර සා.පෙ. විභාගයට පෙනීසිටීමට සිටි සිසුවියක් බව සදහන් වේ.

මිය ගිය දැරිය පියා සමග පියාගේ රැකවරණය මත හැදී වැඩි ඇති අතර මව විදේශ ගතව ඇති බව වාර්තා වේ.

මරණය සම්බන්ධව මැදවච්චිය පොලීසිය විමර්ශන පවත් වනු ලැබේ.

Exit mobile version