ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවු ගැටුමක් දුරදිග යෑමෙන් පුද්ගල ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වේ.
එම ඝාතනය සිදුවී තිබුණේ අද (18) අලුයම් කාලයේ රත්තොට නිකලොයවත්ත ප්‍රදේශයේදීය.
සිද්ධියෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 05 දෙනෙකු රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මරණකරු අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ දියණියක් සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවට පොලීසිය පවසයි.
