ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට.

විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස අත්අඩංගුවට ගෙන ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු තම නිවසේ විදුලි මීටරය වෙනසක් කර වංචනික ලෙස විදුලිය ලබා ගැනීමේ චෝදනාවට යටත්වයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හොරණ පොලිස් ස්ථානය වෙත බාරදුන් අතර ඔහු අද දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවේය.

Exit mobile version