පසුගියදා පාකිස්තානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් ප්‍රියන්ත කුමාර මහතාගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත්කිරීමට එම කර්මාන්තශාලා පාලනාධිකාරිය තීරණය කර ඇත.
මේ පිළිබඳව සඳහන්ව ඇත්තේ පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සමග පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහෙමුද් අෆ්රාෆි සහ මවුලානා තරීක් ජමීලා නම් ආගමික නායකයා සමග පැවති හමුවකදී ය.
පසුගිය 03 වනදා ප්‍රියන්ත කුමාර මහතා කර්මාන්ත ශාලා සේවකයින් විසින් තම ආගමට නිගරු කළ බවට චෝදනා කරමින් ඔහුව අමානුෂික ලෙස ඝාතනය කෙරිණි.
