නිරිතදිග පාකිස්තානයේ වාර්ෂික සංස්කෘතික උත්සවයක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි ආරක්ෂක නිලධාරින් එල්ල කර ඔවුන් ගමන් කල ට්‍රක් රථය ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙන බවට වාර්තා වේ.
මෙම ප්‍රහාරය මගින් එරට ආරක්ෂක නිලධාරින් 9 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බවත් මූලික පරීක්ෂණවලින් හෙලිදරව් වන පරිදි මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවද මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැති අතර ඒ පිළිබඳව විමර්ශණ ක්‍රියාත්මක බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ .