පාකිස්තානයේ පිපිරීමක්

පාකිස්තානයේ කරච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තාන බලධාරීන් පෙන්වා දෙන්නේ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

පිපිරීමෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව ඇති පුද්ගලයන් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.

Exit mobile version