පාකිස්තානයේ මිලියන ගණනක් ජීවිත පීඩාවට!

මිලියන 30කට අධික පිරිසක් පාකිස්තානයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 900 කට අධික පිරිසක් මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙනිසා පාකිස්තානය තුළ මේ වන විට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

සහන සේවා සඳහා ද පවත්නා අධික වර්ෂාව හමුවේ බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Exit mobile version