පාකිස්තානයේ වෙඩි තැබීමක් – 7 මරුට.

නාදුනන තුවක්කු කරුවන් කිහිපදෙනකු විසින්  වයඹදිග පාකිස්ථානයේ සිදුකරනලද වෙඩි තැබීමකින් හත් දෙනකු  මියගොස් ඇති බව වාර්ථා වේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පාසලක් තුල බව සදහන් වේ.

 ප්‍රහාරයට ලක්වු පාසලේ පාසල්  කාලය අවසන් වී ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර  සකස් කරමින් සිටියදී නාදුනන පුද්ගලයන්  දෙදෙනෙකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබේ.

ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ ගුරුවරු පස් දෙනකු හා කම්කරුවන් දෙදෙනකු වේ.

මෙම වෙඩි ප්‍රහාරය ගුරු විවේකාගාරය තුළ සිදුව ඇති අතර  ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

Exit mobile version