ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සදහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළින් අද (09) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි. එමෙන්ම පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයින්ට පැමිණ තිබේ.
මෙම තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව සදහන් වේ.
