පානදුරේ දී ගිලන්රථයකට වෙඩි තැබේ

පානදුර රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි තැබීමක් සිදුව ඇත.

ගිලන්රථය පදවාගෙන ගිය රියදුරු ඉලක්ක කරගනිමින් නාඳුනන පුද්ගලයෙක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වී ඇත.

කෙසේ නමුත් වෙඩි පහරින් ගිලන්රථ රියදුරු බේරී තිබෙන අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිසිය විසින් මේ වන විට ආරම්භ කර ඇත.

විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු නමැත්තෙකු විසින් මෙහෙයවන ලද අපරාධයක් බවට පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Exit mobile version