පාන් මිල පහළට.

පාන් මිල පහත දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල රු.10 කින් අඩු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රු.10කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

Exit mobile version